නිර්මල ථෙරවාදී බුදු දහම පවත්නා ලොව රටවල් කිහිපය අතර මුල් තැනක ඇති මියන්මාරය හෙවත් බුරුමය බෞද්ධයන් විසින් යා යුතුම රටකි. සංස්කෘතික හා බෞද්ධාගමික වශයෙන් වසර දහස් ගණනක් තිස්සේ ශ්‍රී ලංකාව සමග දැඩි සම්බන්ධතාවක් ඇති බුරුමය වර්තමානයේ හදුන්වන්නේ මියන්මාරය ලෙසිනි. මියන්මාරයට සංචාරය කිරීම හුදු සංචාරයක් ම නොවේ. එය වන්දනා ගමනකි. එබැවින් විනෝදය හා දැනුම උදෙසා සංචාරය කරන රටකට වඩා මියන්මාර (බුරුම) සංචාරයක දී බෞද්ධ පිළිවෙත් හා සංස්කෘතික ඉතිහාසය ගැන මනා අවබෝධයක් ඇති නියමුවෙකු හා සංචාරක ආයතනයක් තෝරා ගැනීම ඉතා වැදගත් වේ. 2018 ජනවාරි 26 දින සිට පෙබරවාරි 5 දින දක්වා වූ මාගේ මියන්මාර සංචාරයට මා තෝරාගත් මහනුවර, තැන්නකුඹුරේ, වජිර සංචාරක ආයතනයත් , අප සමග ගමනට එක්වූ එහි අධිපති වජිර කාර්යවසම් මහතා ත් වඩා සුදුසු තෝරා ගැනීමක් බව සනාථ වූයේ ගමන ආරම්භයේ පටන් අවසානය දක්වාම අප වෙත ලබා දුන් ගමනා ගමන හා නවාතැන් පහසුකම්, ඒ ඒ ස්ථාන පිළිබදව ලබාදුන් තොරතුරු හා දැනුම , මියන්මාරයෙන් එකතු වූ සහායක කණ්ඩායමේ ලෙන්ගතු කම හා ලෙන්ගතු සුහදබව යන සියළු කරුණු " හිතට දැනෙන්නට " පරිපූර්ණ වූ බැවිනි.

![]() |
| සුහද සිතින් අපට ලං වූ වජිර ටුවර්ස් අධිපති වජිර කාරියවසම් මහතා |

සුව පහසු නවාතැන්
අපේ ආදරණීය ගමන් සගයා - මියන්මාර ජාතික ටුං ටුං



