අපේ කණ්ඩායම

Yangon

යැන්ගොන් (රැන්ගුන්) යනු එදා බුරුමය ලෙස හැදින්වූ අද  මියන්මාරයේ විශාලතම නගරයයි. එම නගරයේ බ්‍රිතාන්‍ය පාලන යුගයේ ඉදි කළ ගොඩනැගිලි රැසක් දක්නට ලැබෙන අතර, අහස උසට විහිදී ගිය රන් පැහැ ලොව ප්‍රසිද්ධ බෞද්ධ දාගැබ් ගණනාවක් ම දකින්ට පුළුවන්. ඒ අතුරෙන් ස්වේදගොන් දාගැබ, බොටැටුවාන් දාගැබ හා සූලේ දාගැබ ප්‍රමුඛත්වයක් ගනී. එම සියළුම දාගැබ් තුළ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කර ඇති බව විශ්වාස කෙරේ. වාර්ෂිකව ලොව පුරා දස දහස් ගණනක් විදේශ සංචාරකයන් යැන්ගොන් වෙත පැමිණෙන අතර, ශ්‍රී ලංකාව ඇතුළු බෞද්ධ රටවල් ගණනාවක සැදැහැවතුන් දහස් ගණනක් මෙම පූජනීය දාගැබ් වන්දනා කර ගැනීම සදහා පැමිණේ. 2006 වසර දක්වාම රැන්ගුන් එනම් යැන්ගොන් මියන්මාරයේ ( බුරුමයේ) අග නගරය ලෙස ද සැලකූ අතර 2006 වසරේ දී මියන්මාරය මැද ප්‍රදේශයේ අළුතෙන්ම සැළසුම් කොට ඉදි කෙරුනු නැපිතෝ නගරය අග නගරය ලෙස නම් කරන ලදී.

ස්වෙදගොන් දාගැබ - 
            

බුරුමයේ සංචාරය කරන සියළුම බෞද්ධයන්ගේ ප්‍රධාන ම වන්දනා ස්ථානයක් වන්නේ ස්වේදගොන් චෛත්‍යය යි. අඩි 344 ක් උස , අඩි 368 ක වට ප්‍රමාණයෙන් යුතු මෙම දාගැබ රන් පැහැයෙන් බබලයි. බුදුන් වහන්සේගේ කේෂ ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇති අති පූජනීය දාගැබක් ලෙස මෙය හැදින්වේ.

අප ගෞතම බෝධිසත්වයන් බුද්ධත්වයට පත්වී දින 49 ක් ( සත් සතිය) ගෙවා කිරිපලු නුග රුක සෙවනේ වැඩ සිටින මොහොතේ  උන් වහන්සේ හමුවන තපස්සු - භල්ලුක වෙළද සොහොයුරන් දෙදෙනා උන් වහන්සේ වෙත විළද හා මී පැණි දානයක් පූජා කළ අතර, බුදුන් වහන්සේ විසින් ඔවුන් දෙදෙනා වෙත ධර්මය දේශනා කර ඇත. බුදුන් හා දහම් සරණ ගිය ප්‍රථමයන් දෙදෙනා බවට පත්වූ ඔවුන් විසින් මෙම අසිරිමත් මොහොත සිහිපත් කර ගැනීම සදහා තමා වෙත යමක් දෙන ලෙස ඉල්ලා සිටි මොහොතේ බුදුන් වහන්සේ තම දක්ෂිණ හස්තර ඔසවා හිස පිරිමැද කේෂ ධාතූන් අට මිටක් ඔවුන් දෙදෙනාට ලබා දුන් බවත්, ඔවුන් දෙදෙනා එම කේෂ ධාතු බුරුමය ට රැගෙන ඒමෙන් අනතුරුව බුරුම රජු විසින් මහත් හරසරින් එම ධාතූන් වහන්සේලා පිළිගෙන  ස්වේදගොන් දාගැබ සාදා එහි තැන්පත් කළ බව මියන්මාර් තොරතුරු අනුව කියැවේ.







No comments:

Post a Comment